ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගෝලීය උණුසුම ඉහළයාම නැවැත්වීමට නව එකඟතාවක්
දෙසීයකට ආසන්න රටවල් සංඛ්‍යාවකට අයත් නියෝජිතයන් එක්ව පැවැත්වූ සාකච්ඡාවලින් පසු ගෝලීය උෂ්ණත්වය ඉහළ නැංවීමට ප්‍රබල ලෙස දායකත්වය සපයන සංඝටකයක් මුලිනුපුටා දැමීමට එකඟතාවය පළවී ඇත.
රුවන්ඩාවේ අගනගරය වන කිගාලි හිදී මෙසේ එකඟතාවයට පැමිණියේ 'හයිඩ්රොෆ්ලෝරෝකාබන්' පරිසරයට මුදාහැරීම නැවැත්වීම පිළිබඳවය.
'හයිඩ්රොෆ්ලෝරෝකාබන්'(HFC) යනු නිවෙස් වල භාවිතයට ගන්නා ශීතකරණ සහ වායු සමීකරණ යන්ත්‍ර මගින් විමෝචනය වන වායුවකි.
කාබන්ඩයොක්සයිඩ් වායුවට වඩා දහස් ගුණයක් ප්‍රබල වන එය හරිතාගාර වායුව වැනිවූ වායු විශේෂයකි.
එකඟතාවට අනුව වසර තුනක කාලයකදී ලෝකයේ ධනවත් රටවල් විසින් HFC වායුව මුදාහැරීම නවතාදැමිය යුතුය.
නමුත් ඉන්දියාව වැනි ඌන සංවර්ධිත රටකට මේ සඳහා වසර දහසයක කාලයක් ලබාදී තිබේ.
කෙසේවුවද මෙම එකඟතාව ප්‍රමාණවත් නොවන බව ඇතැම් පරිසරවේදීහු පවසති.