රස කැවිලි නිෂ්පාදනවලටත් 'වර්ණ සංකේත ක්‍රමයක්'

ඡායාරූප මූලාශ්‍රය, Getty/ ISHARA S.KODIKARA
ශ්‍රී ලංකාවේ රස කැවිලි නිෂ්පාදනවලටත් වර්ණ සංකේත ක්‍රමයක් හඳුන්වාදීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව පවා දියවැඩියා රෝගයට ගොදුරුව ඇති බැවින් කේක්, දොදොල්, බූන්දි, බිස්කටි වර්ග ඇතුලු සියලුම රසකැවිලි සඳහාත් වර්ණ සංකේත ක්‍රමයක් හඳුන්වාදීමට පියවර ගන්නා බවයි, සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසන්නේ.
ලංකා රස කැවිලි නිෂ්පාදකයන්ගේ සංගමය සමඟ පසුගියදා පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා එම පියවර නිවේදනය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන්.
ඉදිරියේදී අදාළ නීති ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවත්, ඒ සම්බන්ධ ගැටළු තිබෙන්නේ නම් එවිට ඉදිරිපත් කරන ලෙසත් අමාත්‍යවරයා රස කැවිලි නිෂ්පාදකයන්ට දැනුම් දී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පැණි බීම බෝතල්වල වර්ණ සංකේත සඳහන් කිරීම අනිවාර්ය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මීට ඉහතදී පියවර ගත්තේය.
ඒ පිළිබඳව බීබීසී සංදේශය සමඟ අදහස් දැක්වූ ආහාර පෝෂණය සහ රසායන විද්‍යාව පිළිබඳ විද්‍යාඥ ආචාර්ය පුෂ්පරාජා තවරාජා, සීනි භාවිතය අඩු කිරීම පිණිස වර්ණ සටහන් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බැවින් සීනි වෙනුවෙන් විශේෂ බද්දක් පනවන මෙන් ආණ්ඩුවට යෝජනා කළේය.
බීම වර්ගවල සහ ආහාරවල අඩංගු සරල සීනි හෙවත් සුක්‍රෝස් වර්ග පාලනය කිරීම කෙසේ නමුත් ඒ සඳහා වර්ණ හඳුන්වා දෙන අතරම, සීනි පරිභෝජනයේ ආදීනව පිළිබඳව ජනතාව දැනුවත් කිරීමත් අත්‍යවශ්‍ය සාධකයක් බව පෞද්ගලික සමාගමක පෝෂණවේදියකු වන මුදිත් ධර්මප්‍රිය බීබීසී සංදේශයට පැවසීය.




