ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉන්දු කාශ්මීර හමුදා කඳවුරක් අසළ දරුණු ගැටුමක්
කාශ්මීරයේ ඉන්දියානු හමුදා කඳවුරකට ප්‍රහාරයක් එල්ල කිරීමට තැත්කළ සන්නද්ධ ප්‍රහාරකයන් තිදෙනෙකු මරා දැමූ බව ඉන්දීය බලධාරීහු පවසති.
එම ප්‍රහාරකයන් තිදෙනා ඉන්දියානු හමුදා ඇඳුමින් සැරසී සිටි බවයි හමුදා ප්‍රකාශක කර්නල් රාජේෂ් කාලියා පැවසුවේ.
කුප්වාරා දිස්ත්‍රික්කයේ හමුදා කඳවුර අසළ පැවති දරුණු වෙඩි හුවමාරුවකින් පසු සන්නද්ධ ප්‍රහාරකයන් තිදෙනෙකු මරා දැමුණු බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
පසුගිය මාසයේ වෙනත් ඉන්දියානු හමුදා කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් ඉන්දියානු හමුදාවෙ 18 දෙනෙකු මරා දැමුණු අතර ඒ පිළිබඳව චෝදනාව එල්ලවූයේ පකිස්තනයටයි.
එහෙත් පකිස්ථානය විසින් එම චෝදනාව ප්‍රතික්ෂේප කරනු ලැබ තිබුණි.
කාශ්මීරයේ අයිතිය පිළිබඳව ඉන්දියාව සහ පකිස්ථානය යන දෙරටම උරුමකම් කීම හේතුවෙනුයි මතභේදයක් ඇතිවී තිබෙන්නේ.
පොලිස් අධිකාරී ගුලාම් ජීලනි AFP පුවත්සේවයට පැවසුවේ හමුදා කඳවුර අසලදී ඉන්දියානු හමුදාව සහ ප්‍රහාරකයන් අතර වෙඩි හුවමාරුවක් පැවති බවයි.
ඉන්දියාව සහ පකිස්ථානය යන දෙරටම න්‍යෂ්ඨික අවි බලය සහිත වන අතර පසුගිය මාසයේ සිදු වූ ප්‍රහාරයෙන් පසු දේශ සීමාව අසල සටන් පැවතීම පිලිබඳ එකිනෙකාට චෝදනා කරගනිමින් සිටිති.
පසුගිය සතියේ ඉන්දියාව පැවසුවේ ආරක්ෂක පියවරක් ලෙස දේශ සීමාවේ දී සැකකටයුතු සන්නද්ධකරුවන් පිරිසකට ප්‍රහාරයක එල්ල කල බවයි.
එහෙත් කිසිදු උසිගැන්වීමකින් තොරව සිදුකළ කාලතුවක්කු ප්‍රහාරයකින් හමුදා සෙබළුන් දෙදෙනෙකු මිය බවයි පකිස්ථානය පැවසුවේ.