ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මියන්මාරයේ සමූහ ඝාතක සොල්දාදුවන්ට සිර දඬුවම්
ගම්වැසියන් පස් දෙනෙකු මරා දැමීමට වැරදිකරුවන් වූ මියන්මාර සොල්දාදුවන් පිරිසක් බන්ධනාගාර ගත කෙරෙයි.
නිලධාරීන් හතරදෙනෙකු ඇතුළු හමුදා සොල්දාදුවන් හත් දෙනෙකු එක් අයෙකුට වසර පහ බැගින් බරපතළ වැඩ ඇතිව සිර ගත කර තිබේ.
පසුගිය ජූනි මාසයේ දී ශාන් පළාතේ කැරලිකාර සන්නද්ධ කණ්ඩායමකට සහය පළ කළ බවට සැක පිට ගම්වැසියන් පිරිසක් අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි සොල්දාදුවන් විසින් මෙම සමුහ ඝාතනය සිදුකරනු ලැබ ඇත්තේ.
දැඩි ලෙස පහර දී මරා දැමුනු පස් දෙනාගේ සිරුරු නොගැඹුරු වලවල් තුළ වලලා තිබියදී පසුව සොයා ගනු ලැබුණි.
මියන්මාරයේ සොල්දාදුවන්ගේ සැහැසිකම් හමුදාව විසින් පිළිගැනීම සහ ඔවුන්ට දඬුවම් ලබා දීම මියන්මාරයේ සාමන්‍යයෙන් සිදු නොවන දෙයක් බවයි පැවසෙන්නේ.