ලිබියා ආක්‍රමණය ගැන කැමරන්ට චෝදනා

ඡායාරූප මූලාශ්‍රය, AFP/Getty
බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය 2011 වසරේ දී ලිබියාව ආක්‍රමණය කිරීම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු වාර්තාවක් මගින් ඉතා දරුණු ලෙස විවේචනයට ලක් කරයි.
විදේශ කටයුතු පිලිබඳ පාර්ලිමේන්තු කමිටුවක් පැවසුවේ හිටපු ප්‍රංශ ජනාධිපති නිකොලාස් සර්කොසි බොහෝ දුරට කර්නල් ගඩාෆි ට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීමට තමා තුල වූ පෞද්ගලික දේශපාලනමය කැමැත්ත මත ක්‍රියාකර ඇති බවයි.
බෙන්ගාසි හි සාමාන්‍ය වැසියන් ආරක්ෂා කරගැනීම පිණිස මූලික ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ගඩාෆි ට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීම දෙසට ඔහු යොමුවූ බවයි එම කමිටුව පවසන්නේ.
ලිබියාවට එරෙහිව කටයුතු කිරීමේ දී බුද්ධිමත් සහ පිළිගතහැකි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීමට අසමත් වීම පිළිබඳව එවකට බ්‍රිතාන්‍යයේ අගමැතිවරයාව සිටි ඩේවිඩ් කැමරන්ටද එම පාර්ලිමේන්තු කමිටුව චෝදනා කරයි.
දුර්වල ඔත්තුසේවා තොරතුරු මත පදනම්ව මෙන්ම ලිබියාව තුළ වූ විවිධ සන්නද්ධ කණ්ඩායම් වල ගැටුම්, සංක්‍රමණික ගැටලුව, වර්ධනයවෙමින් පැවති ආයුධ පරිහරණය සහ පැතිරෙමින් පැවති ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායම් පිළිබඳව නිසි අවබෝධයක් ඔහුට නොතිබූ බවද කමිටුව අවධාරණය කරයි.
එහෙත් බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ අරාබි ලීගය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ලිබියාව ආක්‍රමණය කිරීම අනුමත කළ බවයි.





