ඩේවිඩ් කැමරන් අගමැති පදවියට සමුදෙයි

බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් අද (13) තම තනතුරේ අවසන් දිනය ආරම්භ කළේය.
පාලක කොන්සර්වටිව් පක්ෂයේ නව නායිකාව ලෙස තේරී පත්වුණු තෙරේසා මේ වෙත තනතුර භාර දීම සිදු කිරීමටයි නියමිතව ඇත්තේ.
ඩේවිඩ් කැමරන් තනතුරින් ඉවත්ව යන්නේ යුරෝපා සංගමය තුළ බ්‍රිතාන්‍යය රැඳී සිටිය යුතුද, නැත්ද? යන්න පිළිබඳව පැවති ජනමත විචාරණයේ දී 'රැඳී සිටිය යුතුයි' යනුවෙන් ඔහු දැරූ මතය බ්‍රිතාන්‍ය ජනතාවගෙන් වැඩි පිරිසක් ප්‍රතික්‍ෂේප කිරීමෙන් පසුවයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
අගමැති කැමරන් අවසන් වරට පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරුන් විසින් අගමැතිවරයාගෙන් අසනු ලබන ප්‍රශ්ණ වලට මුහුණ දීමට අපේක්ෂා කරයි.
ඉන්පසු බකිංහැම් මාලිගයේ දී එලිසබෙත් රැජින හමුවී ඉල්ලා අස්වීමේ ලිපිය භාර දීමෙන් පසු බ්‍රිතාන්‍ය අගමැතිවරයා ලෙස ඔහුගේ සේවා කාලය අවසන් වෙයි.

ඡායාරූප මූලාශ්‍රය, PA
නව අගමැතිවරිය ලෙස පත්වන තෙරේසා මේ ජනමත විචාරණයේ දී ඩේවිඩ් කැමරන්ගේ මතයම දැරුවද අගමැති පදවිය භාර ගැනීමෙන් පසු 'ඉවත් විය යුතුය' යන ජනමතය අනුව කටයුතු කිරීමට පොරොන්දු වුවාය.
අගමැතිවරිය ලෙස ඇයගේ පළමු නිළ කාර්යය වනු ඇත්තේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ කටයුතු සඳහා නව ඇමතිවරයෙකු පත්කිරීමයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images




