'ඕනෑ තරමක් න්‍යෂ්ඨික මිසයිල නිපදවන්න දැන් අපිට පුළුවන්'

අවදානම නොතකන උන්මත්තකයෙකුසේ පස්වැනි වතාවටත් න්‍යෂ්ඨික අත්හදා බැලීම් සිදු කිරීම ගැන දකුණු කොරියානු ජනාධිපතිවරිය උතුරුකොරියානු නායක කිම් ජොන් උන් ට චෝදනා කරයි.
ඇය මේ බව පැවසුවේ පස් වැනි වතාවට සිදුකළ න්‍යෂ්ඨික අත්හදාබැලීම් සාර්ථක වූ බවට උතුරු කොරියාව නිවේදනය කිරීමෙන් පසුවයි.
දකුණු කොරියානු ජනාධිපතිනිය පාක් ගෙයුන් හ්යේ පැවසුවේ මෙම පිපිරවීම් මගින් පියොන් යැන් පාලනය තව තවත් සම්බාධකවලට ලක්වීම සහ හුදකලාවීම සිදුවනු ඇති බවයි.
එබැවින් එය තමා විසින්ම විනාශයට යෑමක් ලෙසටයි ඔහු සලකන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
උතුරු කොරියාවේ එකම බලවත් හිතවතා වන චීනය ද මෙම න්‍යෂ්ඨික අත්හදාබැලීම හෙළාදැක තිබුණේ න්‍යෂ්ඨික බලය ඉවත්කිරීම පිණිස කටයුතු කරන ලෙස ඉල්ලමින්.
අසල්වැසි ජපානයේ අගමැති ශින්සෝ අබේ පැවසුවේ වර්තමාන තත්වය පිළිබඳව ඉවසා සිටීම නොකළ යුතු බවයි.
තවත් ආර්ථික සම්බාධක
2006 වසරේ දියත් කළ පළමු න්‍යෂ්ටික අත්හදා බැලීමෙන් පසු මේ වන විට උතුරු කොරියාව එක්සත් ජාතීන් විසින් පැනවූ සම්බාධක පහකට යටත්ව සිටියි.
'සිය මව් බිමේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කිරීමට නිදහස් රටකට ඇති අයිතිය' තහනම් කිරීමට උත්සාහ කරන සම්භාදක පැනවීම් සහ ඇමරිකාවේ නායකත්වය යටතේ එදිරිවාදී බලවේග එල්ල කරන තර්ජන සම්බන්ධයෙන් උතුරු කොරියාව සිය කෝපය ප්‍රකාශ කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP
මෙම න්‍යෂ්ටික අත්හදා බැලීම දියත් කර තිබෙන්නේ උතුරු කොරියාවේ ජාතික දිනය සනිටුහන් කරමින්.
උතුරු කොරියාවේ ජාතික දිනය සැමරීම බොහෝ විට සංකේතවත් කරන්නේ රට සතු හමුදා බලය ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාවක් ලෙසයි.
අත්හදා බැලීමේ සාර්ථකත්වය නිවේදනය කරමින් උතුරු කොරියාව කියා සිටියේ මින් පසු සිය රජයේ අභිමතාර්ථය පරිදි ඕනෑම ප්‍රමාණයකින් යුතු න්‍යෂ්ටික මිසයිල ඕනෑ තරමක් නිෂ්පාදනය කිරීමට සිය රටට හැකි බවයි.
ඒ අනුව සුළු බර සහ අධි බරැති මිසයිල මෙන්ම විශාල ප්‍රමාණයේ ප්‍රහාර එල්ල කළ හැකි අධික බලයෙන් යුතු මිසයිල නිපදවීමට උතුරු කොරියාවට හැකි බව නිවේදනයෙන් පැහැදිලි කර තිබුණි.








