ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සේද මාවතේ චීන-ඇෆ්ඝන් දුම්රිය ගමන් ඇරඹෙයි
චීනයේ සිට ඇෆ්ඝනිස්තානය කරා ධාවනය වූ පළමු දුම්රිය දවස් දොළහක සංචාරයකින් අනතුරුව 'හයිරතාන්' (Hairatan) වරාය නගරයට සේන්දු විය.
නැගෙනහිර චීන වෙරළේ 'නැන්ටන්ග්' (Nantong) නගරයේ සිටයි දුමිය ගමන ආරම්භ කෙරුණේ.
වැඩි වශයෙන් යන්ත්‍ර සූත්‍ර ආදිය ප්‍රවාහනය කෙරුණ චීන දුම්රිය පිළිගැනීම සඳහා ගෝත්‍රික නායකයන්,කාන්තාවන් සහ ළමුන් පේලි ගැසී සිටි බවයි ඇෆ්ඝන් වාර්තා මගින් පැවසෙන්නේ.
භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන දුම්රිය 'හයිරතාන්' (Hairatan) නගරයට සේන්දු වූයේ කසක්ස්තානය සහ උස්බෙකිස්තානය ඔස්සේ කිලෝමීටර් හත්දාහක මග ගෙවමිනි.
ආපසු ගමනේ දී එමගින් වියළි පළතුරු, කහ සහ කිරි ගරුඬ ආදී භාණ්ඩ චීනයට ප්‍රවාහනය කරනු ඇත.
මෙම ව්‍යාපෘතියේ එක් ඉලක්කයක් වන්නේ මධ්‍යම ආසියාව කරා දිවෙන වෙළෙඳ මාවතේ චීන ආයෝජන නංවාලීමයි.