ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හොංකොං ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාධරයන්ට චීනය අනතුරු අඟවයි
හොංකොං ස්වාධීන රාජ්‍යයක් බවට පත් කිරීම වෙනුවෙන් පෙනී සිටීම දඬුවම් ලැබිය හැකි වරදක් බව චීනය අනතුරු අඟවයි.
චීනය විසින් මෙම ප්‍රකාශය කරනු ලැබුවේ හොංකොං මන්ත්‍රණ සභාව සඳහා පැවැත්වුණු ඉතා උණුසුම් මැතිවරණයෙන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ව්‍යාපාරයේ නායකත්වය ගෙන ක්‍රියා කළ තරුණ දේශපාලන ක්‍රියාධරයන් රැල්ලක් ජයග්‍රහණය කිරීමෙන් පසුවයි.
චීනයේ බේජිං පාලනය සහ හොංකොං සම්බන්ධතා අංශයේ මාධ්‍ය ප්‍රකාශක කියා සිටියේ මන්ත්‍රණ සභාව තුළ හෝ ඉන් පිටත හොංකොං ස්වාධිකාරයක් පිහිටුවීමට සහයෝගය ලබා දීමේ අරමුණෙන් සිදු කරන සියලුම ක්‍රියාකාරකම් තහනම් කිරීමට චීනය තීරණය කර ඇති බවයි.
තරුණ දේශපාලන ක්‍රියාධරයන් රැල්ලක්
හොංකොං මන්ත්‍රණ සභාවට වැඩි බලතල පැවරීම සම්බන්ධයෙන් වූ සියලුම සාකච්ඡා සහ විවාද වලට තිත තැබීම බේජිං පාලනයේ අරමුණ වී ඇති බව මෙම පියවරෙන් පෙන්නුම් කරන බවයි විචාරකයන් පවසන්නේ.
මෙවර හොන්කොන් මැතිවරණයේ දී දක්නට ලැබුණු වාර්තා ගත ඡන්ද දායක සහභාගීත්වය සමගයි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ව්‍යාපාරයේ තරුණ නායකයන්ට මන්ත්‍රණ සභාවේ අසුන් දිනා ගැනීමට අවස්ථාව උදා වුනේ.
ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයෙන් මන්ත්‍රණ සභාවට තේරී පත් වූ මෙම තරුණ ක්‍රියාධරයන්ට සභාව තුළ නිශේධ බලය හිමි කර ගැනීමට අවශ්‍ය තරම් ආසන ප්‍රමාණයක් ලැබී තිබේ.
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පැවති උද්ඝෝෂණ මාලාවේ ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා කළ නේතන් ලොව් මැතිවරණයේදී දෙවන ස්ථානයට වැඩිම මනාප සංඛ්‍යාවක් හිමි කර ගත් අපේක්ෂකයා විය.
චීනයෙන් නිදහස ලබා හොංකොන් හි ස්වාධිකාරයක් පිහිටුවීමේ සටනට මින් ඉතා ධනවාදී බලපෑමක් වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.