ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'ලිංගික ශ්‍රමික' පුවතට එරෙහිව මෙලනියා ට්‍රම්ප් නඩු මගට
ඇමරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ බිරිඳ බ්‍රිතාන්‍ය මාධ්‍ය ආයතනයකට එරෙහිව නඩු පැවරීමට සුදානම්වෙයි.
එක්දහස් නමසිය අනූ ගණන්වලදී මෙලනියා ට්‍රම්ප් පරිවාරිකාවක් ලෙස රැකියාව කළ බවට සඳහන් ලිපියක් එම ආතනය මගින් ප්‍රසිද්ධියට පත්කිරීමට එරෙහිවයි එසේ අධිකරණ ක්‍රියාමාර්ගයකට පිවිසෙන්නේ.
ඇගේ නීතිඥයා පවසන්නේ 'මේල් ඔන්ලයින්' ඔස්සේ පළවූ වාර්තාව සියයට සියයක් අසත්‍ය තොරතුරු මත පදනම් ව තිබුණු අතර ඒ මගින් මෙලනියා ට්‍රම්ප් ගේ කීර්තිනාමයට දැඩි ලෙස හානි සිදුවන බවයි.
ඔහු පැවසුවේ මෙලනියා නීත්‍යානුකුල ලෙස නිරූපිකාවක් ලෙස කටයුතුකළ නමුත් පරිවාරිකාවක් ලෙස හෝ ලිංගික ශ්‍රමික රැකියාවක් කිසිවිටෙක කර නැති බවයි.
ඇය මේ අසත්‍ය වාර්තාකරණය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන එකසිය පනහක මුදලක් වන්දි ලෙස බලාපොරොත්තු වන්නීය.
එහෙත් මෙයට ප්‍රතිචාර දක්වමින් මාධ්‍ය ආයතනය පවසන්නේ ඇය පරිවාරිකාවක් ලෙස සේවය කළ බව හුවා දැක්වීමට අදාළ ලිපිය මගින් බලාපොරොත්තු නොවූ බවයි.
මේ අතර මෙලනියා ට්‍රම්ප් ඇමරිකානු බ්ලොග් මාධ්‍යකරුවෙකු වන වෙබ්ස්ටෙර් ග්රිෆින් ට එරෙහිව ද නීතිමය ක්‍රියාමාර්ගයකට පිවිස සිටින්නීය.