ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොලොම්බියාවේ සිවිල් යුද්ධය නිමයි
ලෝකයේ වැඩිම කාලයක් දිග් ගැසුණ සිවිල් යුද්ධ වලින් එකක් වන කොලොම්බියා යුද්ධය නිමාවකට ගෙන ඒමේ සටන් විරාම ගිවිසුම ඊයේ (28) රාත්‍රියේ පටන් බල පැවැත්වෙයි.
කොලොම්බියා සිවිල් යුද්ධය ලෝකයේ දීර්ඝතම ගැටුමක් මෙන්ම විශාල සංඛ්‍යාවක් ජීවිත විනාශ කෙරුණ ගැටුමකි.
කොලොම්බියා ආණ්ඩුවට එරෙහිව සටන් වැදුණ කොලොම්බියානු විප්ලවීය සන්නද්ධ හමුදාවේ (FARC ) නායක රොඩ්රිගෝ ලොන්දෝනෝ(Rodrigo Londono ) නොහොත් 'තිමොචෙන්කෝ'(Timochenko) ප්‍රකාශයක් කරමින් රාජ්‍යයට එරෙහි සිය අරගලය නිම වූ බව ප්‍රකාශයට පත් කළේය.
'අගෝස්තු 28 වෙනි දින මධ්‍යම රාත්‍රියේ පටන් ආණ්ඩුව ඉලක්ක කොට ප්‍රහාර එල්ල කිරීම නතර කරන මෙන් සිය සාමාජිකයන්ට නියෝග කර ඇති' බවයි FARC ගරිල්ලා නායකයා පවසන්නේ.
සටන් විරාම ගිවිසුම අනුව කොලොම්බියානු ආණ්ඩුවේ හමුදාවන් ද එම වෙලාවටම සටන් විරාමයට අනුගත වූ බව වාර්තා වෙයි.
කොලොම්බියා සිවිල් යුද්ධයට වසර පනහකට අධික ඉතිහාසයක් ඇති අතර සමස්ත කාල පරිච්ඡේදය පුරා ආණ්ඩුවේ හමුදා සහ ගරිල්ලා ප්‍රහාර මගින් දෙලක්ෂ හැට දහසකට අධික ජීවිත විනාශයක් සිදු වී ඇතැයි ඇස්තමේන්තු කෙරෙන අතර දශලක්ෂ සංඛ්‍යාත ජනකායකට උන්හිටි තැන් අහිමි විය.
කොලොම්බියාවේ නව සටන් විරාමයට අදාළ නිත්‍ය ගිවිසුම ඉදිරි සති කීපය තුළ අත්සන් තැබීමට නියමිත අතර එම ගිවිසුම සම්බන්ධයෙන් ලබන ඔක්තෝම්බර් මාසයේ ජනමත විචාරණයක් ද පැවැත්වෙයි.