කඳුළු අවි දරා නැගෙන දලිත් ජන රැල්ල

ඉන්දියාවේ දලිත් පීඩිත කුලයට අයත් සිසුවියක් 2013 වසරේ දී සමූහ දූෂණයට ලක් කළ පුද්ගලයන් පස් දෙනෙකු විසින් 2016 වසරේ දී නැවතත් ඇය සමූහ දූෂණයට ලක් කිරීම පිළිබඳව පසුගිය ජූලි මාසයේ වාර්තා විය.

එසේම ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ නවාඩා දිස්ත්‍රික්කයේ 'දලිත්' පීඩිත කුල වල ජනතාව ජීවත් වන නිවාස අසූවක් පමණ එම ප්‍රදේශයේ වෙසෙන කුලවතුන් විසින් ගිනි තබා විනාශ කරනු ලැබිණි

මේ ආකාරයට එක් ප්‍රාන්තයක පමණක් නොව ඉන්දියාව පුරා දලිත් ජන ප්‍රජාව ට සිදුවන අකටයුතුකම් පිලිබඳ දිනපතා අසන්නට ලැබේ.

තම දියණිය ලිංගික දුෂණයකට ලක් කිරීමට විරෝධය පළ කිරීමේ වරදට දෑත් සහ දෙපා අහිමි වූ දලිත් කුලයේ පියෙකු කුල පීඩනය එරෙහි ක්‍රියාධරයෙකු බවට පත්වූ ආකාරය පිලිබඳ කතාවට ඉහත හඬ පටයෙන් සවන් දිය හැකිය.

බීබීසී තොරතුරු ගබඩාවේ හමුවන දෑ ඇසුරින් සංදේශයට සකස් කළේ එස් එල් සෙනෙහෙධීර