ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
චන්ද්‍රිකා ඡයාරූප ඔස්සේ 'දුප්පත්කම' සොයා යෑම
- Author, පෝල් රින්කන්
- Role, බීබීසී අන්තර්ජාල විද්‍යා සංස්කාරක
චන්ද්‍රිකා ඡයාරූප ආධාරයෙන් ලෝකයේ දුප්පත්කම පැතිරී ඇති අකාරය පිලිබඳ තොරතුරු ලබාගැනීමේ ක්‍රමවේදයක් හඳුනා ගත් බව ඇමරිකානු ගවේෂක කණ්ඩායමක් පවසයි.
ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් පරිගණක පද්ධතියක් ආධාරයෙන් අප්‍රිකානු රටවල් පහක පදික වේදිකා සහිත පාරවල් සහ ගොඩනැගිලි හඳුනාගෙන ඒ අනුව අදාළ ප්‍රදේශයන්හි ආර්ථික සංවර්ධනය පිලිබඳ තොරතුරු රැස්කර තිබේ.
එසේ ලබා ගත් දත්ත සම්ප්‍රදායික සමීක්ෂණ ක්‍රමවේදයන් වලින් ලබාගත් දත්ත හා සසඳා බැලීමේ දී පෙනීගොස් ඇත්තේ 'දුප්පත් ප්‍රදේශ' හඳුනාගැනීමේ පැරණි ක්‍රමවේදයන් ගෙන් ලැබෙන ප්‍රතිපල වලට සමාන හෝ වැඩි ප්‍රතිපල මේ නව ක්‍රමයෙන් ලැබෙන බවයි.
මෙම නව ක්‍රමය නිසා සම්ප්‍රදායික ක්‍රම මගින් සමීක්ෂණ පැවැත්වීම ට වැයවන විශාල මුදලක් ඉතිරි කරගැනීමට හැකිවනු ඇති බවටයි විශ්වාසය පළ කෙරෙන්නේ.
ලෝකයේ දුප්පත්කම තුරන් කිරීම සඳහා ආධාර ලබා දෙන ආයතන සහ සංවිධාන වලට තමන් ඉලක්ක කළ යුතු රටවල් සහ ප්‍රදේශ පිළිබඳව තීරණ ගැනීමේ දී මේ නව සොයා ගැනීම විශාල පිටුවහලක් වනු ඇති බවයි ගවේෂකයින්ගේ අදහස වී ඇත්තේ.