ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලෝකයේ වඩාත්ම අනතුරුදායක මංගල ඡායාරූප ගැනීම
තම විශේෂ දිනයේ දී යමෙකුට කරන්නට නොසිතෙන ආකාරයෙන් වීදුරු පාලමක් යට ඉහල අවකාශයේ එල්ලෙමින් චීන යුවළක් විවාහ මංගල උත්සවයක් පැවැත්වූහ.
චීන 'වැලන්ටයින් දිනය' ලෙස සැලකෙන අගෝස්තු 9 වැනිදා චීනයේ හුනන් පළාතේ පිංජියෑන් හි ශිනිඋෂයි පාලම මත මෙම නව යුවල විවාහ උත්සවය පැවැත්වූ බවයි චීන පුවත් සේවා වාර්තා කළේ.
පොලවේ සිට අඩි 590 ක් ඉහළින් එල්ලෙමින් තිබූ කුඩා පලසක් මත වුවද ඔවුහු සිනා මුසු මුහුණින් මංගල ඡායාරූප සඳහා පෙනී සිටියහ.
වීදුරු පාලම් මෑතක සිට චීනයේ ඉතාමත් ජනප්‍රියත්වයකට පත්වෙමින් පවතී
සති කිහිපයකට පෙර තවත් මනාල ජෝඩු පහක් මෙම පාලමේ වීදුරු තට්ටු මත විවාහ ගිවිස ගත්හ.