ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ළදැරියක සමග ශ්‍රී ලංකාවෙන් පිටත් වූ කත ඊශ්‍රායලයේදී පරීක්ෂාවට
අවුරුද්දක් වයසැති ළදැරියක සමග ශ්‍රී ලංකාවේ සිට ඊශ්‍රායලය බලා ගමන් ගත් ඊශ්‍රායල ජාතික කාන්තාවක් තෙල් අවීව් (Tel Aviv ) ගුවන්තොටුපොළේ දී බලධාරීන් විසින් ප්‍රශ්න කිරීම් වලට භාජනය කොට තිබේ.
ශ්‍රී ලංකාවෙන් පිටත් වීම සඳහා කාන්තාව විසින් වෙනත් දරුවෙකුගේ ගුවන් බලපත්‍රයක් භාවිතා කොට ඇති බැවින් ළදැරියගේ දෙමව්පියන් සම්බන්ධයෙනුයි ආරක්ෂක අංශ ප්‍රශ්න කිරීම් සිදු කොට තිබෙන්නේ.
ළදැරියගේ මව හතළිස් නම හැවිරිදි ගාලිත් නකාෂ් නමැති මෙම ඊශ්‍රායල ජාතික කාන්තාවදැයි සහතික කර ගැනීම සඳහා DNA පරීක්ෂණයක් පවත්වන බවයි බලධාරීන් පවසන්නේ.
ඔවුන් වැඩි දුරටත් කියා සිටියේ DNA පරීක්ෂණයෙන් ඇය දැරියගේ මව නොවන බව ඔප්පු වුවහොත් දරුවා ශ්‍රී ලංකාවට හරවා එවීමට පියවර ගන්නා බවයි.