ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මුස්ලිම් කාන්තාවන්ට පහර දුන් 'ගව ආරක්ෂකයෝ' අත්අඩංගුවේ
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ගව මස් ළඟ තබා ගත් බවට චෝදනා කරමින් මුස්ලිම් කාන්තාවන් දෙදෙනෙකුට පහර දුන් ගවයන් සුරැකීම වෙනුවෙන් පෙනී සිටින දැඩි හින්දු මතධාරීන් හතර දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත නීතියට අනුව ගවමස් වෙළඳාම තහනම් බැවින් චෝදනා ලද කාන්තාවන් දෙදෙනාද අත්අඩංගුවට ගෙන ඇති නමුත් පසුව කළ පරීක්ෂණයකින් හෙළි වී ඇත්තේ ඔවුන් ලඟ තිබී හමුවූයේ මීහරක් මස් බවයි.
මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සියලු දෙනා ඇප මත නිදහස් කොට තිබේ.
මුස්ලිම් කාන්තාවන් දෙදෙනාට පිරිසක් විසින් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝ පටය ඉන්දියාව පුරා අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතා බහට භාජනය වෙමින් පවතියි.
හින්දු ආගමට අනුව ගවයා පුජනීයත්වයේ ලා සලකනු ලබන අතර ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකම ගව ඝාතනය නීතියෙන් තහනම් කර තිබේ.
මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ මහ ඇමති භුපෙන්ද්‍ර සිං කියා සිටියේ කාන්තාවන්ට පහර දුන් පුද්ගලයන්ට නීතියෙන් දඬුවම් ලැබෙනු ඇති අතර ගව ඝාතනය හෝ ගව මස් වෙළඳාමට සම්බන්ධ ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව පියවර ගැනීමට බලධාරීන් ක්‍රියාත්මක වන බවයි.