ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජනාධිපති අපේක්‍ෂකත්වය

නොවැම්බර් මාසයේ දී පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණයේ දී ධවල මන්දිරය නැවතත් තම පක්ෂයට දිනාගන්නා බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

ක්ලීව්ලන්ඩ් හි දී පැවති රිපබ්ලිකන් පක්ෂ සමුළුවේ දෙවැනි දිනයේ දී එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස කෝටිපති ව්‍යාපාරික ඩොනල්ඩ් ට්‍රම්ප් නම් කරන ලදී.

පක්ෂ සමුළුව ආරම්භයේ දී තරමක මතභේදාත්මක ස්වරූපයක් පැවතුනද දෙවන දිනයේ දී පක්ෂයේ කතානායක පෝල් රයන් විශේෂ නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේ ට්‍රම්ප් වටා එකතුවන ලෙසටයි.

සියලු රිපබ්ලිකන් පාක්ෂිකයන්ගේ 'ප්‍රහාරය' ට්‍රම්ප් ගේ ප්‍රතිවාදී ඩිමොක්ක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් වෙත යොමු කළ යුතු බවටයි තීරණය වූයේ.

මෙහිදී ද සුපුරුදු ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පවුලේ සාමාජිකයන්ගෙන් විශාල සහයෝගයක් ඔහුට ලැබුණු අතර තම පියා පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරා ගෙන ඇති බව නිවේදනය කළේ වැඩිමහල් පුතු ඩොනල්ඩ් (කනිෂ්ඨ) විසිනි.