ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'නීස් ප්රහාරකයා IS අනුගාමිකයෙක්'
ප්රංශයේ නීස් නගරයට ප්රහාර එල්ල කළ පුද්ගලයා හා සබඳතා පැවැත්වූ බවට විශ්වාස කෙරෙන පස් දෙනකු පොලිස් රැඳවුම් භාරයේ සිටින බව එරට නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.
ප්රංශ නිදහස් උත්සවය සැමරීම පිණිස පැවති ගිනි කෙළි සංදර්ශනයක් වෙත සිය ට්රක් රථය ධාවනය කළ Mohamed Lahouaiej-Bouhlel නමැති පුද්ගලයා පොලිස් වෙඩි පහරින් මරුමුවට පත් විය.
ට්රක් රථයට යට වීම හේතුවෙන් අසූ හතර දෙනකු මරුමුවට පත් වී ඇති බව බලධාරීහු පවසති.
ට්රක් රථය ධාවනය කරන ලද පුද්ගලයා සිය අනුගාමිකයකු බව ඉස්ලාමීය රාජ්ය සටන් සංවිධානය කියා සිටියි.
නීස් ප්රහාරය ත්රස්ත ක්රියාවක් ලෙස හඳුන්වනු ලබන ප්රංශ ජනාධිපති ප්රන්ශුවා ඔලෝන්ද් හදිසි තත්වය මාස තුනක් දක්වා දීර්ඝ කොට තිබේ.