ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'ඉස්ලාම් ධර්මයේ නාමයෙන් මිනී මරන්න එපා'
ඉස්ලාම් ධර්මයේ නාමයෙන් ක්‍රියාත්මක වන අන්තවාදය හෙලා දකිමින් ධර්මානුශාසනාවක් නිර්මාණය කිරීමට බංගලාදේශ බලධාරීන් පියවර ගෙන තිබේ.
මෙම විශේෂ ධර්මානුශාසනය අද සිකුරාදා පැවැත්වෙන ආගමික වතාවත් වලින් අනතුරුව ප්‍රචාරනය කරන මෙන් බංග්ලාදේශයේ සියලුම මුස්ලිම් පල්ලි වලින් ඉල්ලීමක් ද කර තිබේ.
බංග්ලාදේශයේ සියලුම ආගමික මධ්‍යස්ථාන වල ක්‍රියාකාරිත්වය හසුරුවන ඉස්ලාම් ආගමික පදනම ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මෙම විශේෂ ධර්ම දේශනය සියලුම ඉමාම්වරුන් විසින් සැලකිල්ලට ගෙන ඒ අනුව සිය යාඥා මෙහෙයන් පැවැත්වීමට කටයුතු කරනු ඇතැයි සිය පදනම විශ්වාස කරන බවයි.
මොහොමඩ් නබි නායකතුමා විසින් සිදු කළ ප්‍රකාශයක් උපුටා දැක්වෙන මෙම ධර්ම දේශනයේ දැක්වෙන්නේ 'ඉස්ලාම් ධර්මයට අනුව යමෙකුට සිදු කළ හැකි විශාලතම පාපය වන්නේ මනුෂ්‍ය ජීවිතයක් විනාශ කිරීම බවයි'.
එහි සඳහන් තවත් වැදගත් කරුණක් වන්නේ දරුවන්ගේ මොළය විකෘති කිරීමට පිටස්තර පාර්ශවයන්ට ඉඩ නොදෙන මෙන් දෙමාපියන්ට දැඩිව අවවාද කිරීමයි.
පසුගිය දිනවල ඉස්ලාම් රාජ්‍ය සංවිධානය විසින් බංග්ලාදේශයේ ඩකා අගනුවර ආපනශාලාවකට සහ කිශෝර්ගෝන්ජ් ප්‍රදේශයට එල්ල කෙරුණු මරාගෙන මැරෙන ප්‍රහාර වලින් පසුවයි රජය මෙම පියවර ගැනීමට තීරණය කර තිබෙන්නේ.