ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'දකුණු චීන මුහුදේ දුපත් චීනයට අයිති නැහැ'
ස්වභාවික සම්පත් වලින් ගහන දකුණු චීන මුහුදේ දූපත් චීනයට අයිති බව පැවසීමට සාක්‍ෂි නැති බවට ජාත්‍යන්තර අධිකරණයක් මගින් තීන්දුවක් දී තිබේ.
තීන්දුව දීමටත් කලින් සිට දකුණු චීන මුහුදේ දූපත් පිළිබඳව ජාත්‍යන්තර අධිකරණයක් මගින් තීන්දුවක් දීමට යාම චීන රජයේ මාධ්‍ය විසින් හෙළාදැක තිබුණි.
ෂින්හුවා ප්‍රවෘත්ති සේවය වාර්තා කළේ එම තීන්දුව 'නීති විරෝධී, හිස්, බලරහිත' එකක් බවයි.
'එය ඉවත ලන කඩදාසියක්' ලෙසටයි පාලක චීන කොමියුනිස්ට් පක්ෂය මෙම තීන්දුව හැඳින්වුයේ.
හේග් නුවර පැවැත්වෙන අධිකරණය විසින් ඒ පිලිබඳ තීරණය ප්‍රකාශයට පත් කොට ඇත.
මෙම දකුණු චීන මුහුදේ දූපත් පිළිබඳ ප්‍රශ්නය හේග් අධිකරණය වෙත රැගෙන ආවේ පිලිපීනයයි.
එම අධිකරණ ක්‍රියාමාර්ගයට සහභාගී වීම චීනය විසින් ප්‍රතික්‍ෂේප කර තිබුණු අතර බලහත්කාරයෙන් දකුණු චීන මුහුදේ කෘත්‍රිම භූමි ගොඩනැංවීමේ නිරතවෙමිනුයි සිටියේ.