ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජුනෝ චන්ද්‍රිකාව බ්‍රහස්පති වටා කක්ෂ ගත වේ
බ්‍රහස්පති ග්‍රහයා වටා නව චන්ද්‍රිකාවක් සාර්ථක ලෙස කක්ෂ ගත කළ බව ඇමරිකාවේ නාසා ආයතනය නිවේදනය කළේය.
ජුනෝ චන්ද්‍රිකාව විසින් සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා වන බ්‍රහස්පති සහ ඊට අයත් චන්ද්‍ර ග්‍රහයන් පිළිබඳ මෙතෙක් නොදත් දත්ත එක් රැස් කරනු ඇත.
ජුනෝ චන්ද්‍රිකාව රැගත් මව් යානය අභ්‍යවකාශ ගත කෙරුණේ මීට වසර පහකට ඉහතදී.
චන්ද්‍රිකාව සාර්ථක ලෙස බ්‍රහස්පති කක්ෂය වෙත ඇතුල් වූ බව දැක්වෙන සංඥාව කිලෝමීටර මිලියන අටසීයක් දුර ගෙවා පෘථිවි තලය වෙත ළඟා විය.
එම අවස්ථාවේ පාලක මැදිරිය තුළ සිටි විද්‍යාඥයෝ ප්‍රීති ඝෝෂා නැගූහ.
බ්‍රහස්පති මත පිහිටි අධි විකිරණශීලී කලාප සිතියම් ගත කිරීම සඳහා ජුනෝ චන්ද්‍රිකාව මාස විස්සක කාලයක් ගත කරනු ඇත.
නාසා ආයතනය විසින් චන්ද්‍රිකා මෙහෙයුම සඳහා වැය කොට ඇති මුදල ඩොලර් බිලියන 1.1 කි.