ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'වැඩිම ආදායම්ලාභී සිනමා නිළිය' ස්කාලට් ජොහැන්සන්
හොලිවුඩ් නිළි ස්කාලට් ජොහැන්සන් සිනමා ඉතිහාසයේ වැඩිම ආදායම්ලාභී සිනමා තරු ලැයිස්තුවේ පළමු දස දෙනාට ඇතුළත් එකම කාන්තාව බව සිනමා වෙබ් අඩවියක් පවසයි.
ඉහත කී ලැයිස්තුවේ ඇතුළත් නළු නිළියන් රංගනයෙන් දායක වූ චිත්‍රපටවල ආදායම අනුව 'Box Office Mojo' වෙබ් අඩවිය විසින් ඔවුන් ශ්‍රේණිගත කොට ඇත.
හොලිවුඩ් නළු හැරිසන් ෆෝඩ් රංගනයෙන් දායක වූ චිත්‍රපට හතළිස් එකක් ඩොලර් බිලියන 4.9 ක ආදායමක් ලබා ඇති අතර ඔහු ඉහත කී ලැයිස්තුවේ පළමු ස්ථානයේ පසු වේ.
ස්කාලට් ජොහැන්සන් රඟපෑ චිත්‍රපට තිස් හතක් ඇමරිකාව තුළ ඩොලර් බිලියන 3.3 ක ආදායමක් ඉපයීමට සමත් වී ඇත.
ඉහත කී දස දෙනා අතර සිටින ළාබාලතම පුද්ගලයාද ඇයයි.
ලැයිස්තුව තුළ දහනව වන ස්ථානයේ සිටින නිළි කැමොරන් ඩියස්ගේ චිත්‍රපට ලබා ඇති ආදායම ඩොලර් බිලියන 3 කි.