ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බංග්ලාදේශයේ තවත් හින්දු පුජකවරයෙකු මරා දැමෙයි
හින්දු පුජකවරයෙකු කපා කොටා මරා දමා ඇති බව බංග්ලාදේශ පොලීසිය පවසයි.
මෙය සුළු ආගමිකයන් සහ අනාගමික ලේඛකයන් වැනි පුද්ගලයන් වෙත එල්ල කෙරුණු ඉස්ලාම් සන්නද්ධකරුවන් කළ බවට සැක කෙරෙන ප්‍රහාර මාලාවක නවතම සිදුවීමයි.
ශ්‍යමානන්ද දාස් නම් පුජකවරයා වයඹදිග බංග්ලාදේශයේ ජෙනයිදා දිස්ත්‍රික්කයේ පිහිටා ඇති හින්දු කෝවිලේ උදෑසන පූජාව සඳහා සූදානම් වෙමින් සිටියදීය ඝාතනයට ලක්වී ඇත්තේ.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් තිදෙනෙකු පුජකවරයාට කඩු වලින් පහර දී පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ප්‍රහාරයේ අරමුණ පැහැදිලි නැති බව පවසන පොලීසිය මෙය පසුගිය මාස කිහිපය තුළ ඉස්ලාම්වාදීන් යැයි සැකකෙරෙන අපරාධකරුවන් විසින් සිදු කළ ඝාතන රැල්ලේම තවත් සිදුවීමක් බවයි පැවසුවේ.
නිදහස් මතධාරී සමාජ ක්‍රියාධරයන්, මාධ්‍යවේදීන්, අධ්‍යාපනඥයන් සහ සුළු ආගමික පුද්ගලයන් ඇතුළු හතළිහකට වැඩි පිරිසක් 2013 සිට මේ දක්වා බංග්ලාදේශය තුළ මෙසේ ඝාතනයට ලක්වී තිබේ.