ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ස්කොට්ලන්තය සහ යුරෝපා හවුල අතර සාකච්ඡා
ස්කොට්ලන්තය ඉදිරි කාලයේ දී යුරෝපා හවුල සමඟ පවත්වනු ලබන සබඳතා පිළිබඳව සාකච්ඡා කරනු පිණිස මහ ඇමතිනී නිකොලා ස්ටර්ජන්(Nicola Sturgeon) බ්‍රසල්ස් නගරයට ලඟා වී සිටියි.
මහා බ්‍රිතාන්‍යය යුරෝපා හවුලෙන් ඉවත් විය යුතු බව තීන්දු කෙරුණ ජනමත විචාරණයෙන් අනතුරුවයි ඇය බ්‍රසල්ස් නගරයට ලඟා වුනේ.
මහ ඇමතිවරිය යුරෝපා පාර්ලිමේන්තුවේ සභාපති මාටිං ෂූල්ස් (Martin Schulz)සමඟ දැනටමත් සාකච්ඡා කර ඇති අතර ඇය යුරෝපා කොමිසමේ සභාපති ෂෝන් ක්ලෝඩ් යන්කර් (Jean-Claude Juncker) සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත බවයි බ්‍රසල්ස් ආරංචි මාර්ග වලින් පැවසෙන්නේ.
ජූනි 23 දින පැවැත්වුන ජනමත විචාරණයේ දී ස්කොට්ලන්ත ඡන්දදායකයන්ගෙන් 60% කට අධික ප්‍රමාණයක් කියා සිටියේ මහා බ්‍රිතාන්‍යය යුරෝපා හවුලින් ඉවත් නොවිය යුතු බවයි.
යුරෝපා හවුලින් ස්කොට්ලන්තය ද ඉවත් විය යුතු යයි එංගලන්තයට බල කළ නොහැකිය යන මතයේ තමා දැඩිව සිටින බවයි මහ ඇමතිනී නිකොලා ස්ටර්ජන්(Nicola Sturgeon) කියා සිටින්නේ.
ඇය නියෝජනය කරන ස්කොට්ලන්ත ජාතික පක්ෂයේ(SNP) සටන වන්නේ සිය දේශය මහා බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් කර ගැනීමයි.
ජනමත විචාරණයේ ප්‍රතිපලයෙන් අනතුරුව ප්‍රකාශයක් කළ මහ ඇමතිනී නිකොලා ස්ටර්ජන්(Nicola Sturgeon) ස්කොට්ලන්තයේ නිදහස තීන්දු කෙරෙන නව ජනමත විචාරණයක් කැඳවීම අවශ්‍ය කරන බවයි සඳහන් කළේ.
ස්කොට්ලන්තය බ්‍රිතාන්‍ය පාලනය තුළ රැඳී සිටිය යුතුද? නැද්ද ? යන්න තීන්දු කිරීම සඳහා 2014 සැප්තැම්බර් 18 වෙනි දින පැවැත්වුන ජනමත විචාරණයෙන් ජය ගත්තේ දිගටම බ්‍රිතාන්‍ය පාලන තුළ රැඳී සිටිය යුතුය යන මතයයි.