බ්‍රිතාන්‍ය බැංකුවලට යුරෝපයේ පොදු පහසුකම් අහිමි වෙන තත්වයක්

බ්‍රිතාන්‍යය යුරෝපා හවුලින් ඉවත් වීමට අදාළ සාකච්ඡා කඩිනම් කළ යුතු බව ප්‍රංශ මහ බැංකුවේ අධිපති විල්රෝයි ඩි ගැලෝහ්(Villeroy de Galhau) කියා සිටියේ.
උද්ගතව පවතින අවිනිශ්චිතභාවය අවම කර ගැනීම සඳහා එවැනි පියවරක් ගත යුතු බව ප්‍රංශ මහ බැංකු ප්‍රධානියාගේ අදහසයි.
තව දුරටත් අදහස් දැක් වූ ඔහු එක්සත් රාජධානිය යුරෝපා හවුලේ තනි වෙළෙඳපොළක් තුළ කටයුතු කළේ නැත්නම් බ්‍රිතාන්‍ය බැංකුවලට දේශ සීමා හරහා නිදහසේ ක්‍රියාත්මක වීමේ යුරෝපා පහසුකම් පාවිච්චි කිරීමෙට ඉඩ නොලැබෙන බවට අනතුරු ඇඟවීමක් ද කළේය.
බ්‍රිතාන්‍යය යුරෝපා හවුලින් ඉවත් වීම එම සංවිධානයට අහිතකර බලපෑමක් ඇති කරන නමුත් එමගින් නරකම ප්‍රතිවිපාක වලට මුහුණ දෙනු ලබන්නේ බ්‍රිතාන්‍යය වන බවයි ප්‍රංශ මහ බැංකුවේ අධිපති විල්රෝයි ඩි ගැලෝහ්(Villeroy de Galhau) කියා සිටින්නේ.
රටවල් හයක සාකච්ඡාවක්

ඡායාරූප මූලාශ්‍රය, EPA
මේ අතර ප්‍රකාශයක් කරන ජර්මනියේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටෙයින්මියර් කියා සිටියේ යුරෝපා සංගමයෙන් ඉවත් වීම සඳහා බ්‍රිතාන්‍යය ජනතාව ඡන්දය භාවිතා කිරීමත් සමග යුරෝපා 'හවුල චිත්ත පීඩාවට හෝ අඩපණ වීමේ තත්වයකට' පත් විය යුතු නැති බවයි.
ඇමතිවරයා එම ප්‍රකාශය කළේ බ්‍රිතාන්‍යය , යුරෝපා හවුලෙන් ඉවත් වීමට ගත් තීන්දුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම සංවිධානයේ ආරම්භක සාමාජිකයන් හය දෙනාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන හදිසි හමුවකට සහභාගී වෙමිනි.
බ්‍රිතාන්‍ය, යුරෝපා හවුලෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය සහ එහි කාල නිර්ණය පිළිබඳවයි එම සාකච්ඡාවේ අවධානය යොමු වන්නේ.
යුරෝපා හවුලට අයත් අනෙකුත් සාමාජික රටවල් බ්‍රිතාන්‍යය විසින් ගන්නා ලද ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමෙන් වළක්වා ගන්නේ කෙසේදැයි යන්න පිළිබඳවත් එහි දී බොහෝ විට සාකච්ඡා කෙරෙනු ඇත.
බර්ලින් නගරයේ පැවැත්වෙන එම සාකච්ඡාව සඳහා ප්‍රංශය, ඉතාලිය, ලක්සම්බර්ග් සහ නෙදර්ලන්තය යන රටවල විදේශ අමාත්‍යවරු සහභාගී වෙති.








