ඇමරිකාවේ බටහිර වර්ජීනියා ප්‍රාන්තයේ ගංවතුර උවදුරක්

ඡායාරූප මූලාශ්‍රය, AP
ඇමරිකාවේ බටහිර වර්ජීනියා ප්‍රාන්තයේ පවතින ගංවතුර හේතුවෙන් වසර 8 ක පිරිමි ළමයෙකු සහ අත දරුවකු ද ඇතුළුව අවම වශයෙන් පුද්ගලයන් විසි දෙනෙකුවත් මරුමුවට පත් වූ බව නිලධාරීහු පවසති.
ආණ්ඩුකාර අර්ල් රේ තොම්බ්ලින් පවසන්නේ දැඩි සුළං සහිත කුණාටු තත්වය සහ ගංවතුර හේතුවෙන් ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශ වලට විශාල හානියක් සිදුවී ඇති බවයි.
ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 55 න් 44 කම හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කොට තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, AP
වෙළඳ සංඛීර්නයක කොටුවී සිටින 500 ක් පමණ පිරිසක් බේරා ගැනීම පිණිස මෙහෙයුම් ආරම්භ වී ඇති අතර විපතට පත් අනෙකුත් ප්‍රදේශ වල සිරවී සිටින පිරිස් සෙවීමේ කටයුතු අඛණ්ඩව සිදුවෙමින් පවතී.
ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශ වලට අඟල් 9 කට වැඩි වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ඇතිවූ ගංවතුරින් නිවාස 100 කට වැඩි ප්‍රමාණයකට හානි සිදුවී ඇති අතර තවත් නිවාස දහස් ගණනකට විදුලි බල සැපයුම අඩාළ වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, AP
මෙහෙයුම් කටයුතු සඳහා හමුදා බටයන් 200 කට වැඩි පිරිසක් යොදවා ඇති බව ආණ්ඩුකාරවරයා පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, AP
වයස අවුරුදු 8 ක පිරිමි දරුවෙකු ලිස්සා යාමෙන් සැඩ පහරට වැටුණු පසු ගසාගෙන ගිය බවයි දේවස්ථානයක සිටි දේවගැතිවරයෙකු පැවසුවේ.
ළමයාගේ මව ඔහු බේරාගැනීමට උත්සාහ කළද ඇගේ අත ලිස්සා ගිය බවයි වීලින්ග් හි නාසරෙන් දේවස්ථානයේ දේවගැති හැරී ක්රෝෆ්ට් වැඩි දුරටත් පැවසුවේ.
එම දරුවාගේ මළ සිරුර පසුව සැතපුම් භාගයක් පමණ ඈතින් පිහිටි ප්‍රදේශයක දී හමුවී තිබුණු බවයි වාර්තා වන්නේ.
මේ ආකාරයටම සැඩ පහරට වැටුණු වසර හතරක පිරිමි ළමයෙකුගේ ද මළ සිරුර හමුවී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Twitter









