ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජනපති සූමාට එරෙහිව දූෂණ චෝදනා 783ක් විභාගයට
දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකබ් සූමාට එරෙහිව ගොනු කර ඇති වංචා සහ දූෂණ චෝදනා 783ක් අධිකරණයේ විභාගය නොකර සිටින මෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනය එරට ඉහළ අධිකරණයෙන් ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ අනුව 1999 වසරේ සිදු කළ ඇමරිකානු ඩොලර් බිලියන ගණනක් වටිනා අවි ගනුදෙනුව සම්බන්ධයෙන් ජනාධිපති ජේකබ් සූමාට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා ඇතුළුව වංචා සහ දූෂණ චෝදනා 783ක් අධිකරණයේ විභාග කිරීමට අවසර ලැබේ.
අභියාචනය ප්‍රතික්ෂේප කිරීමේ තීන්දුව ලබා දෙමින් අධිකරණය කියා සිටියේ ජනාධිපතිවරයාගේ තර්කය සලකා බැලීමට අවශ්‍ය තරම් සාධක ඉදිරිපත් කර නොමැති බවයි.
ජනාධිපති ජේකබ් සූමාට එරෙහිව එල්ල වී තිබුණු වංචා සහ දූෂණ චෝදනා සියල්ලම ඉවත දමමින් 2009 වසරේ ලබා දුන් තීන්දුව අතාර්කික එකක් බවයි අධිකරණය වැඩි දුරටත් කියා සිටියේ.
කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ1999 අවි ගනුදෙනුවෙන් තමන් කිසිදු අල්ලස් මුදලක් ලබා නොගත් බවයි.
තමන්ට එල්ල වී ඇති දූෂණ සහ වංචා චෝදනා සම්බන්ධයෙන් අධිකරණයක් ඉදිරියේ විභාගයකට පෙනී නොසිටීම වෙනුවෙන් ජනපති ජේකබ් සූමා ගත් සියලුම උත්සාහයන් මේ තීන්දුවත් සමග ව්‍යාර්ථ වී ඇති බවයි ජොහැනස්බර්ග් නුවර සිටින බීබීසි වාර්තාකරු මිල්ටන් කෝසී කියා සිටියේ.