ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'බ්‍රිතාන්‍ය ආර්ථිකය කඩා වැටෙන සුළු තත්වයක්'
යුරෝපා සංගමයෙන් ඉවත් වීමට කැමැත්ත පළ කරමින් 50% වැඩි බ්‍රිතාන්‍ය ඡන්ද දායකයන් සිය ඡන්දය භාවිතා කිරීමත් සමග ලෝක මුල්‍ය වෙළඳපොළ බරපතළ කැළඹීමකට ලක්වී තිබේ.
අද උදෑසන වන විට ලන්ඩන් කොටස් වෙළඳ පොළ 8%ක ප්‍රතිශතයකින් පහළ වැටී තිබෙන අතර බ්‍රිතාන්‍ය ඉතිහාසයේ වසර තිහක කාලයක් තුළ පවුමේ අගය වැඩිම ප්‍රමාණයකින් පහළ බැස තිබේ.
යුරෝපා කොටස් වෙළඳපොළ දිනය ආරම්භ වන විට ඉතා ඉහළ ප්‍රතිශතයකින් පහළ වැටී තිබුණු අතර ආසියාවේ කොටස් වෙළඳපොළට ද ඉතා බරපතළ ලෙස බ්‍රිතාන්‍ය ජනමත විචාරනයේ ප්‍රතිපලය බලපා ඇති බවයි ආර්ථික විද්‍යාඥයන් පවසන්නේ.
එංගලන්ත මහ බැංකු සභාපති මාර්ක් කාර්නේ කියා සිටියේ ජනමත විචාරණයෙන් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට තීරණය කිරීමත් සමග ආර්ථිකයේ කඩාවැටෙන සුළු ස්වභාවයක් ඇති වීමට ඉඩ ඇති බවයි.
බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට තීරණය කළොත් ගත යුතු පියවර සම්බන්ධයෙන් එංගලන්ත මහ බැංකුව සැලසුම් සුදානම් කර සිටි අතර ආර්ථිකය ස්ථාවරව තබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය අතිරේක පියවර ගැනීමට එංගලන්ත මහ බැංකුව පසුබට නොවන බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.