ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බොකෝ හරාම් ප්‍රහාර රැල්ලක්
'බොකෝ හරාම්' සන්නද්ධ කැරලිකරුවන් නයිජීරියාවේ ඊශාන දිග කලාපයක දී සාමාන්‍ය වැසියන් දහ අට දෙනෙකු ඝාතනය කර ඇති බව එරට බලධාරීහු පවසති.
'ආඩමාවා' (Adamawa )ප්‍රාන්තයේ පැවති අවමගුල් උත්සවයකට සහභාගී වූ පිරිසකට සන්නද්ධ බොකෝ හරාම් කැරලිකරුවන් විසින් වෙඩි තබා ඇති බවයි බලධාරීන් පවසන්නේ.
එම ප්‍රහාරයේ දී තුවාල ලද දහ දෙනකු ප්‍රතිකාර සඳහා අසල නගරවල පිහිටි රෝහල් වෙත ගෙන ගොස් ඇත.
මේ අතර නයිජීරියාවේ ගිනිකොන දෙසින් නයිගර් දේශසීමාවේ පිහිටි සරණාගත කඳවුරකට සන්නද්ධ කැරලිකරුවන් එල්ල කර ප්‍රහාරයකින් තවත් පුද්ගලයන් ගණනාවක් මරා දමා ඇති බවක් ද වාර්තා වෙයි.
නයිජීරියාවේ අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා එම කඳවුරේ සංචාරයක නිරත වී පැයකට පමණ පසුවයි එම ප්‍රහාරය එල්ල කොට තිබෙන්නේ.