ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පාකිස්තානය සහ ඇෆ්ඝනිස්තානය අතර සටන් විරාමයක්
පාකිස්තානය සමඟ සටන් විරාමයක් සඳහා තමන් එකඟ වූ බව ඇෆ්ඝන් බලධාරීහු පවසති.
පාකිස්තානය සහ ඇෆ්ඝනිස්තානය අතර ගැටුම්කාරී තත්වයක් උද්ගත වී තිබුණේ ඊයේ (12) රාත්‍රී කාලයේ දෙරටේ දේශ සීමාරක්ෂකයන් අතර සිදු වූ වෙඩි හුවමාරුවකින් අනතුරුවයි.
ටෝකම්(Torkham) දේශසීමා දොරටුව ඔස්සේ සිදු වූ වෙඩි තබා ගැනීමේ දී එක් ඇෆ්ඝන් සොල්දාදුවකු මරණයට පත් වූ අතර තවත් සොල්දාදුවන් දෙදෙනකු තුවාල ලද බවයි වාර්තා වන්නේ.
එම ගැටුමේ දී සාමාන්‍ය වැසියන් නව දෙනකුට ද තුවාල සිදු විය.
දේශ සීමා දොරටුව අවට මේ වන විට ඇඳිරි නීතිය බල පැවැත්වෙයි.
ඇෆ්ඝනිස්තානයේ ප්‍රධාන විධායක බලධාරී අබ්දුල්ලා අබ්දුල්ලා පවසන්නේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා උපයෝගී කර ගනිමින් අර්බුදය නිරාකරණය කර ගැනීමට බලාපොරොත්තු වෙන බවයි.
සංක්‍රමණය වීම් පාලනය කිරීමේ අරමුණින් දේශ සීමාවේ සිය පාර්ශවයේ දොරටුවක් සවි කිරීමට පාකිස්තානය ගන්නා උත්සාහයට ඇෆ්ඝනිස්තාන් පාලනය දැඩි විරෝධය පළ කර ඇත.
පාකිස්තාන් -ඇෆ්ඝන් දේශ සීමා පාලනය දුර්වල තත්වයක පවතින අතර එම තත්වය නිරන්තරයෙන් ම දෙරට අතර අර්බුදකාරී ප්‍රශ්න මතු වීමට හේතු වෙයි.