ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බංගලාදේශ හින්දු පූජකයකු ඝාතනය කෙරේ
බංගලාදේශයේ හැත්තෑ හැවිරිදි හින්දු පූජකයකු ඝාතනයට ලක් වී ඇති බව එරට පොලිසිය පවසයි.
සිරුරෙන් වෙන් වීමට ආසන්න වන තරමට ඔහුගේ ගෙල කපා දමා ඇති අතර එම මළ සිරුර ඔහුගේ නිවස ආසන්නයේ පිහිටි කුඹුරක තිබී සොයා ගෙන ඇත.
හින්දු, ක්‍රිස්තියානි, අනාගමික ක්‍රියාධරයන් සහ සුළුතර ප්‍රජාවන් ඉලක්ක කොට ගනිමින් සිදු කරන ලද ප්‍රහාර මාලාවක් මෑත කාලය තුළ බංගලාදේශයෙන් වාර්තා විය.
ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් විසින් එම ප්‍රහාර සිදු කරන ලද බවට සැක කෙරේ.
මේ අතර ඉස්ලාමීය කැරලිකරුවන් බවට සැක කෙරෙන පුද්ගලයන් තිදෙනකු ස්ථාන දෙකකදී වෙඩි තබා ඝාතනය කෙරුණු බව බංගලාදේශ පොලිසිය පවසයි.
වෙඩි තැබීම්
ඩකා අගනුවර සිදු කළ පොලිස් වැටලීමක් අතරතුර සැකකරුවන් දෙදෙනකු ඝාතනය කොට තිබේ.
ඉහත කී සැකකරුවන් දෙදෙනා බංගලාදේශය තුළ තහනම් සංවිධානයක් වන 'ජමාතුල් මුජහිදීන්' සන්නද්ධ කණ්ඩායමේ ඉහළ පෙළ සාමාජිකයන් බවයි පොලිසිය පවසන්නේ.
එම ස්ථානයේ තිබී ගිනි අවියක්, පතොරම් සහ බෝම්බයක් හමු වූ බවත් පොලිසිය කියා සිටියේය.
බංගලාදේශයේ වයඹ දිග පිහිටි රාජ්ශාහි ප්‍රදේශයේදී අනෙක් සැකකරු ඝාතනයට ලක් වී තිබෙන අතර ඔහු 'ජමාතුල් මුජහිදීන්' සන්නද්ධ කණ්ඩායමේ සාමාජිකයකු බවට සැක කෙරෙන බවයි පොලිසිය සඳහන් කළේ.
මාස කීපයකට ඉහතදී පල්ලියකට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකට ඔහු සම්බන්ධ බවටත් සැක කෙරේ.