ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලොව දිගම දුම්රිය උමඟ විවෘත වේ
ඇල්ප්ස් කඳු වැටිය යටින් දිවෙන ලොව දිගින් වැඩිම එමෙන්ම ගැඹුරින්ම පිහිටි දුම්රිය උමං මාර්ගය අද බදාදා නිල වශයෙන් විවෘත කිරීමට නියමිත ස්විට්සර්ලන්ත බලධාරීහු පවසති.
'ගොට්හාර්ඩ්' දුම්රිය උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිම කිරීමට ගත වූ කාලය වසර විස්සකට ආසනයි.
ඉංජිනේරු විද්‍යාවේ ඓශ්චර්යයක් ලෙස හැඳින්වෙන දිගින් සැතපුම් තිස් පහක් වන ද්විත්ව උමං මාර්ගය උතුරු සහ දකුණු යුරෝපය අතර ප්‍රවාහන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කරනු ඇති බවට ස්විට්සර්ලන්තය බලාපොරොත්තු පළ කරයි.
වාර්ෂිකව දස ලක්ෂ සංඛ්‍යාත ලොරි රථ හරහා ප්‍රවාහනය කරනු ලබන භාණ්ඩ ගොට්හාර්ඩ් උමං මාර්ගය ඔස්සේ දුම්රියෙන් ප්‍රවාහනය කෙරෙනු ඇත.
ගොට්හාර්ඩ් දුම්රිය උමං මාර්ගයේ ඉදිකිරීම් සඳහා වැය කොට ඇති මුදල ඩොලර් බිලියන දොළහකට අධිකයි.