'ශිශ්න කවියා'ට සය මසක සිර දඬුවම්

මියන්මාරයේ හිටපු ජනාධිපති තෙයින් සෙයින් ගේ රුව තම ශිශ්නයේ පච්ච කොටාගෙන ඇති බවට ඉඟි කරමින් කවියක් රචනා කළ බුරුම ලේඛකයෙකුට සය මසක සිර දඬුවමක් නියමකර තිබේ.

කවියෙකු වන මවුන් සවුන්කා විසින් කළ නිර්මාණයක් ෆේස්බුක් පිටුවක පළවීමෙන් පසුවයි 'අන්තර්ජාල අපහාසකිරීමක්' ලෙස සලකා ඔහුට දඬුවම් දී ඇත්තේ.

දැන් 'ශිශ්න කවියා' නමින් ප්‍රසිද්ධවී ඇති විසි හතර හැවිරිදි මවුන් සවුන්කා දැනටමත් මාස හයක කාලයක් සිරගතවී සිටින හෙයින් ඉක්මනින් නිදහස් කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ රජය විවේචනය කරන බුරුම ජාතිකයන්ට දඬුවම් කිරීම වැඩිවෙමින් පවතින බවයි වාර්තාවේ සඳහන් වන්නේ.