ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බංග්ලාදේශ ඝාතන සැකකරුවෙකු අත්අඩංගුවට
මෑතකදී බංග්ලාදේශයේ සමලිංගික ක්‍රියාධරයෙකු සහ ඔහුගේ මිතුරෙකු කපා කොටා ඝාතනය කිරීමට වගකිවයුතු පුද්ගලයා අත්අඩංගුවට ගත් බව බංග්ලාදේශ පොලීසිය පවසයි.
ශරිෆුල් ඉස්ලාම් අලියාස් ෂිහාබ් නමැති සැකකරු ඉස්ලාම්වාදී කණ්ඩායමක් වන 'අන්සරුල්ලා බංග්ලා' නමැති කණ්ඩායමට අයත් වූවෙක් බවයි පොලීසිය පවසන්නේ.
සමලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාධරයෙකු වන ශුල්හාස් මන්නන් ධකා අගනුවර දී මරා දමනු ලැබුවේ පසුගිය මාසයේදීය.
අනාගමික ලේඛකයන්, අධ්‍යාපනඥයන් සහ අන්තර්ජාල 'බ්ලොග්' අඩවි මාධ්‍යකරුවන් ඇතුළු අය ඝාතනය කිරීම පිළිබඳව පොලීසියේ චෝදනාව ඉස්ලාම්වාදී කණ්ඩායම් වලට එල්ල වී තිබේ.
තවත් එවැනි අන්තවාදී කණ්ඩායමක් වන 'අන්සාර් අල් ඉස්ලාම් බංග්ලාදේශ්' කණ්ඩායම මින් පළමු සිදු වූ ඝාතන කිහිපයකම වගකීම තමන් භාර ගන්නා බව ප්‍රකාශ කර තිබුණි.