සරණාගතයන් රැඳවුම් ලබා සිටින රටවලම පදිංචි කරන්නැයි ඉල්ලීමක්

ලොවපුරා සරණාගත කඳවුරු පවත්වාගෙන යාම නවතා දමන ලෙස බ්‍රිතාන්‍යයේ හිටපු විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් ඉල්ලා සිටියි.

සරණාගතයන් පිලිබඳ ජාත්‍යන්තර කමිටුවේ සභාපතිවරයා වන ඔහු පවසන්නේ සියළු සරණාගතයන් රැකියා කිරීමේ අයිතිය ද සහිතව ඔවුන් රැඳවුම් ලබා සිටින රටවල් තුළම පදිංචිකරුවන් ලෙස සමාජගත කළ යුතු බවයි.

මානවීය කටයුතු පිලිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව ට ප්‍රථම අදහස් දක්වමින් මිලියන හැටක් වන ලෝක සරණාගතයන් අතරින් වඩාත් අසරණභාවයට පත්වී සිටින 10% පමණ වන පිරිස ලෝකයේ වඩාත් ධනවත් රටවල් තුළ පදිංචි කරණ ලෙසටයි ඩේවිඩ් මිලිබෑන්ඩ් ඉල්ලා සිටින්නේ.