ලොව වයස්ගතම කත 116 දී මියයයි

නිව්යෝර්ක් හි ජීවත්ව සිටි ලෝකයේ වයස්ගතම පුද්ගලයා වයස අවුරුදු 116 ක් දිවි ගෙවීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වී ඇත.

1899 දී ඇලබාමා හි ගොවිපළක දී උපත ලැබූ සුසානා මුෂත් ජෝන්ස් නම් කාන්තාවයි මෙසේ දින කිහිපයක් අසනීපව සිට මියගොස් ඇත්තේ.

ඒ අනුව ජෝන්ස් ට වඩා මාස කිහිපයක් පමණක් වයසින් අඩු ඉතාලි ජාතික එමා මොරානෝ දැන් ලෝකයේ වයස්ගතම පුද්ගලයා බවට පත්ව සිටින්නීය.

19 වන ශතවර්ෂයේ උපත ලද මිහිපිට ජීවත්වන අවසන් පුද්ගලයා ඇය බවටයි වාර්තා වන්නේ.