ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කැමති වැසිකිළියකට යාමට සංක්‍රාන්ති ලිංගික සිසුන්ට අවසර
පාසලේ දී තමන් කැමති ගැහැණු හෝ පිරිමි වැසිකිළියකට හෝ නාන කාමරයකට යාමට සංක්‍රාන්ති ලිංගික සිසු සිසුවියන්ට අවස්ථාව ලබා දිය යුතු බව ඇමරිකාවේ ඔබාමා පාලනය පාසැල් බලධාරීන්ට උපදෙස් දී තිබේ.
මෙම නියෝගය ට පටහැණිව කටයුතු කරන පාසැල් වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ඇති අතර පළාත් පාලන ආයතන මගින් ලබා දෙන ආධාර කප්පාදු කිරීම් වලට ලක්වීමට ඉඩ ඇති බවයි අධ්‍යාපන සහ අධිකරණ දෙපාර්තමේන්තු පවසන්නේ.
ඇමරිකාවේ නීතිපති ලොරේටා ලින්ච් පවසන්නේ සංක්‍රාන්ති ලිංගික සිසුසිසුවියන් වෙනස්කොට සැලකීමට ලක්වීමෙන් සහ අනෙක් සිසුන්ගෙන් හිරිහැරයට ලක්වීමෙන් වැළැක්වීමට මෙම නීතිය මගින් පිටුවහලක් වන බවයි.
උතුරු කැරොලිනා ප්‍රාන්තයේ බලධාරීන් සහ පළාත් පාලන ආයතන දැනට පවතින නීතිය වන තම උප්පැන්න සහතිකයේ සඳහන් ලිංගිකත්වයට අනුව වැසිකිළි භාවිතයට දී ඇති අවසරය වෙනස් කර ගැනීමට කරන අරගලයක ප්‍රතිඵලයක් ලෙසයි මෙම උපදෙස් නිකුත් වී ඇත්තේ.