ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තායිලන්තයේ විභාග වංචා ඩිජිටල් තාක්ෂණයෙන්
නවීන තාක්ෂණය යොදා ගනිමින් සිදු කරන ලද විභාග වංචාවක් නිසා එම විභාගයට පෙනී සිටි තුන් දහසක් අපේක්ෂකයන්ට යළි ඊට පෙනී සිටීමට සිදු වී ඇති බව තායිලන්තයෙන් වාර්තා වෙයි.
එය වෛද්‍ය විද්‍යාලයට ඇතුල්වීම සඳහා පැවැත්වුන තරඟකාරී විභාගයකි.
අපේක්ෂකයන් කණ්ඩායමක් ඉතාම දක්ෂ ආකාරයට එම විභාග වංචාව සිදු කර තිබෙන්නේ නවීන අත්ඔරලෝසු සහ ක්ෂුද්‍ර කැමරා උපයෝගී කර ගනිමිනි.
බැංකොක් අගනුවර රන්ග්සිට් (Rangsit) සරසවියේ බලධාරීන් පවසන්නේ විභාග අපේක්ෂකයන් තුන් දෙනෙක් ඔවුන් පළඳින ඇස් කන්නාඩි වලට සවි කළ ක්ෂුද්‍ර කැමරා මගින් ඔවුන්ට ලැබුණ විභාග ප්‍රශ්න පත්‍රවල පින්තූර ගෙන එම පින්තූර පිටත සිටින කණ්ඩායමකට යවා ඇති බවයි.
විභාග ශාලාවෙන් පිටත සිටි කණ්ඩායම එම ප්‍රශ්න වලට අවශ්‍ය නිවැරදි පිළිතුරු විභාග අපේක්ෂකයන්ගේ අත් ඔරලෝසුවලට යොමු කරනු ලැබ ඇත.
එලෙස ප්‍රශ්න පත්‍ර වලට නිවැරදි පිළිතුරු ලබා ගැනීම සඳහා තමා ඩොලර් 24,000 ක් ගෙවන ලද බව එක් විභාග අපේක්ෂකයෙක් පිළිගෙන ඇත.