ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කැනඩාවේ ලැව් ගින්න නිවා ගන්න බැරි තත්වයක්
කැනඩාවේ ඇල්බර්ටා පළාතේ පැතිරී යමින් තිබෙන දරුණු ලැව් ගිනි හේතුවෙන් තර්ජනයට ලක් වී ඇති ප්රදේශවල වෙසෙන තවත් දහස් ගණනක් පිරිස් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමට නියමිතයි.
මේ වන විට ගින්න වර්ග කිලෝමීටර දහසකට අධික ප්රදේශයක් පුරා පැතිර ගොස් ඇත.
එම ප්රමාණය දෙගුණයකින් වර්ධනය වෙතැයි බලධාරීහු බිය පළ කරති.
ලැව් ගිනි හේතුවෙන් තෙල් නිෂ්පාදන කලාපයක් වන ෆොර්ට් මැක්මුරේ නගරයෙන් ඉවත් කරනු ලැබ ඇති පිරිස අසූ දහසක්.
දරුණු ලැව් ගිනි හේතුවෙන් කැනඩාවේ තෙල් නිෂ්පාදනයෙන් සියයට විසි පහක ප්රමාණයක් ඇණ හිට තිබේ.