ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කැනඩා ලැව් ගින්න නිසා 80,000 ක් ඉවත් කෙරෙයි
කැනඩාවේ ෆොර්ට් මැක්මරේ හි ලැව් ගින්නක් හේතුවෙන් නගරයේ පදිංචි සියලුම ජනතාව ඉවත්කර තිබේ.
අසූ දහසක් වූ ජනතාවට නගරයෙන් ඉවත්වන ලෙස දැනුම් දී ඇත්තේ ගිනිදැල් නගරය දෙසට ඇදෙමින් පවතින හෙයින්.
ගෑස් මධ්‍යස්ථානයක්, හෝටලයක් සහ ජංගම නිවාස උද්‍යානයක් ඇල්බර්ටා නගරයේ දී ගින්නෙන් විනාශයට පත් ගොඩනැගිලි අතර වෙයි.
නගරයෙන් පිටත මහාමාර්ග වල දැඩි වාහන තදබදයක් පවතින අතර බොහෝ දෙනා උතුරු දෙසට පලා යාම ආරඹා ඇත්තේ ගිනිදළු හේතුවෙන් දකුණු දෙසට දිවෙන ප්‍රධාන මාර්ගය වන අංක 93 දරණ අධිවේගී මාර්ගය වසා දැමූ හෙයිනි..
කෙසේවුවද මේ දක්වා තුවාල කරුවන් කිසිවෙකු වාර්තා වී නැත.
මෙය මෙම පළාතේ සිදු වූ විශාලතම ජනතා ඉවත්කිරීම බවයි ඇල්බර්ටා නගරාධිපතිවරිය වන රැචෙල් නොට්ලි පැවසුවේ.
ප්‍රමුඛතාවය දී ඇත්තේ සියලුදෙනාගේ ආරක්ෂාව පිළිබඳව සහ තවාකාලික රැඳවුම් මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය තරම් ඉඩකඩ සොයාගැනීම බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ගිනි නිවන භටයන් මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා දැඩි වෙහෙසක් ගනිමින් සිටින අතර ප්‍රාදේශීය බලධාරීන් ඉල්ලා ඇත්තේ ජලය ඉසීමේ හෙලිකොප්ටර යානා වැනි පහසුකම් ලබා දෙන ලෙසයි.