ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නාවුරු කඳවුර තුළ දී සෝමාලි කාන්තාවක් ගිනි තබා ගනී
පැසිෆික් දුපතක් වන නාවුරු හි ඇති ඕස්ට්‍රේලියානු සරණාගත රැඳවුම් කඳවුරේ සිටි සෝමාලියානු සරණාගත කාන්තාවක් තම සිරුරට ගිනි තබාගැනීම හේතුවෙන් බ්‍රිස්බෙන් රෝහලට ඇතුළත් කර තිබේ.
වයස 21 ක් වන හොදාන් යාසින් (Hodan Yasin) ඉතා දරුණු පිළිස්සුම් තුවාල වලින් පීඩා විඳින බවයි වාර්තා වන්නේ.
නාවුරු කඳවුර තුළ දී සතියක් ඇතුළත වර්තාවූ දෙවන ගිනිතබා ගැනීමේ සිදුවීම මෙයයි.
පසුගිය බදාදා ඉරාන ජාතික සරණාගතයෙකු මිය ගියේ කඳවුර පරීක්ෂා කිරීමට පැමිණි එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් ඉදිරිපිට තම සිරුරට ගිනි තබාගැනීමෙන් පසුවයි.