ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඩීසල් හෝ පෙට්‍රල් රථ නවදිල්ලිය තුළ තහනම්
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඩීසල් සහ පෙට්‍රල් කුලී රථ ගෑස් රථ බවට පත්කිරීමට දී තිබූ කාල සීමාව තවත් දීර්ඝ කිරීම එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.
ඒ අනුව මැයි පළමු වැනිදා සිට ඩීසල් සහ පෙට්‍රල් කුලී රථ නවදිල්ලි මහාමාර්ග වල ධාවනය කිරීමට අවසර දෙනු නොලැබේ.
එහෙත් 'ටැක්සි' රියදුරන් කියා සිටින්නේ තමන්ගේ ඩීසල් රථ ස්වාභාවික ගෑස් රථ බවට හැරවීම සඳහා අවශ්‍ය තාක්ෂණය නොමැති බවයි.
මෙම නීතියේ අරමුණ වී ඇත්තේ ඉතා ඉහළ මට්ටමින් දුෂණය වී ඇති නගරයේ වායුව යථාතත්වයට පත්කිරීමයි.
මෙම අධිකරණ නියෝගය එන්ජිමේ ධාරිතාවය 2000 CC වලට වඩා වැඩි අලුතින් ලියාපදිංචි කරන පෞද්ගලික ඩීසල් වාහන සඳහා ද බලපානු ඇති බවයි වාර්තාවන්නේ.