ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
යුරෝපා බලධාරීහු තුර්කියේ සරණාගත කඳවුරු පිරික්සති
ඉහළ පෙළේ යුරෝපා බලධාරීන් පිරිසක් සෙනසුරාදා සිරියානු සරණාගතයන් රැඳී සිටින තුර්කියේ රැඳවුම් කඳවුරු වෙත යාමට නියමිතව තිබේ.
ජර්මානු චාන්සලර්වරිය වන ඇන්ජෙලා මර්කල් පැවසුවේ සිරියානු දේශ සීමාවට නුදුරු ගසියාන්ටෙප් (Gaziantep) කඳවුරේ රැඳවියන් ගේ ජීවන තත්වය සොයා බැලීමට ඔවුන්ට අවශ්‍ය බවයි.
සංක්‍රමණිකයන් යුරෝපයට පැමිණීමේ ගැටලුව කළමනාකරණය කිරීම පිණිස යුරෝපා සංගමය තුර්කිය සමග ඇතිකරගත් මතභේදයට තුඩු දී ඇති එකඟතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙසේ යන බවයි වාර්තාවල සඳහන් වන්නේ.
මේ අනුව එකඟතාවය වී ඇත්තේ යුරෝපයට යන සරණාගතයන් ආපසු තම රටට ගෙනැවිත් නවාතැන් දීමට හිලවු වශයෙන් එම රැඳවියන් නඩත්තුව සඳහා මුල්‍යමය පහසුකම් සැලසීමත් තුර්කි ජාතිකයන්ට වීසා නොමැතිව යුරෝපයේ සංචාරය කිරීමට අවසර දීමත්ය.
එහෙත් මෙලෙස පහසුකම් සැලසීමේ නීතිමය බාධාවන් පිළිබඳව යුරෝපයේ අවධානය යොමු වී ඇති බවයි පෙනී යන්නෙ.