කොළඹ වරාය පුරවරය තාවකාලිකව අත්හිටුවයි

ඡායාරූප මූලාශ්‍රය, defence.lk
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටු වීමට රජය තීරණය කරයි.
මීට අදාල කැබිනට් පත්‍රිකාව ඊයේ (04) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට අගමැතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති අතර ඊට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මේ පිළිබඳව නිකුත් කර ඇති කැබිනට් නිවේදනයේ මෙසේ සඳහන් වෙයි.
‘අදාළ ආයතනවලින් විධිමත් අනුමැතීන් ලබා නොගෙන ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කර ක්‍රියාත්මක කර ගෙන යන බව මෙම ව්‍යාපෘතිය පිළිබඳව සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කර ඇති කමිටුව විසින් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද අතුරු වාර්තාවේ සඳහන්ව ඇත.
එම අතුරු වාර්තාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි ව්‍යාපෘතියේ වැඩ කටයුතු තාවකාලිකව අත්හිටුවීමටත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස අදාළ ආයතනවලින් ලබාගෙන ඇති අනුමැතීන් සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසට ව්‍යාපෘති සමාගමට දැනුම්දීමටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.’

ඡායාරූප මූලාශ්‍රය, Reuters
මේ චීන ව්‍යාපෘතිය අත්හිටුවන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගිය ජනාධිපතිවරණ සමයේ ඡන්ද ප්‍රචාරක රැස්වීම්වල දී ජනතාවට පොරොන්දු ලබා දුන්නේය.
පූර්ණ පරිසර තත්ත්ව වාර්තාවක් සකස් කිරීමෙන් තොරව කොළඹ වරාය නගරය ඉදිකිරීමට නව ආණ්ඩුව කටයුතු කළහොත් ආණ්ඩුවට එරෙහිව නඩු මගට යන බවට පරිසරවේදීන් අනතුරු අඟවා තිබුණි.




