'මම එක්සත් ජාතික පක්ෂයට ඉපදිච්ච දරුවෙක්'
තිස්ස අත්තනායක සමග තමා ආණ්ඩුවට එක් වූ බවට පළ වූ මාධ්‍ය වාර්තා අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී චන්ද්‍රානි බණ්ඩාර ප්‍රතිෂේප කරයි.
කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්චාවකට එක්වෙමින් ඇය කියා සිටියේ තමා කිසි දිනක එක්සත් ජාතික පක්ෂය හැර දමා නොයන බවයි.
‘මම එක්සත් ජාතික පක්ෂෙට ඉපදිච්ච දරුවෙක්. මම දිවි හිමියෙන් මේ පක්ෂය වෙනුවෙන්, දේශපාලනයේ ඉන්නතාක් කල් එක්සත් ජාතික පක්ෂයත් සමග ඉන්නවා’ යනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී චන්ද්‍රානි බණ්ඩාර වැඩි දුරටත් කියා සිටියාය