ගැහැණු ළමුන් කෝටි දොළහකට ලිංගික බලහත්කාරකම්
ලොව පුරා සිටින වයස අවුරුදු විස්සට අඩු ගැහැණු ළමුන් කෝටි දොළහක් ලිංගික දූෂණයට හෝ අපයෝජනයට ලක් වී ඇති බව එක්සත් ජාතීන් නිකුත් කළ වාර්තාවක සඳහන් වෙයි.

මෙය අනුපාතයක් ලෙස ගත් කළ සෑම ගැහැණු ළමුන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට ලිංගික බලහත්කාරකමක් සිදු වී ඇති බවයි ඉහත කී වාර්තාවේ දක්වා තිබෙන්නේ.
යුනිසෙෆ් ආයතනය විසින් කරන ලද සමීක්ෂණ වාර්තාවේ තවදුරටත් සඳහන් වෙන්නේ 2012 වසරේ පමණක් ලොව පුරා ළමුන් අනූ පන්දහසක් ඝාතනය කර ඇති බවයි.
ඉන් වැඩි ප්‍රතිශතය අයත් වන්නේ දකුණු ඇමරිකානු සහ කැරිබියානු රටවලටයි.
ලංකාව
වයස අවුරුදු දහතුනත් පහළොවත් අතර ශ්‍රී ලාංකික සිසුන්ගෙන් සියයට පනහකට ආසන්න ප්‍රමාණයක් එක් වතාවක් හෝ පහර කෑමකට ලක් වී ඇති බව ද යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ වාර්තාවේ දැක්වෙයි.
මේ සම්බන්ධයෙන් ඉහල ම ප්‍රතිශතය වන සියයට හැට වාර්තා වී ඇත්තේ ඝානා රාජ්‍යයෙන් වන අතර එම ලැයිස්තුවේ හත් වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වී තිබේ.
ශාරීරික දඬුවම්

බීබීසීයේ තිසර රතුවිතාන යුනිසෙෆ් ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවෙන් කළ විමසීමකදී වෛද්‍ය හේමමාල් ජයවර්ධන කියා සිටියේ වැඩිහිටියන් ළමුන්ට ශාරීරික දඬුවම් ලබා දීම තුලින් අනාගත පරපුරද ප්‍රචණ්ඩකාරී විය හැකි බවයි.
සම්පුර්ණ සාකච්ඡාවේ හඬ පටයට සවන් දෙන්න.
‘ළමයි කියන්නේ ඉරි ඇඳපු හිස් පොතක් වගේ. වැඩිහිටියන් තමයි ඒ පොත ලියන්නේ. ළමුන් හදා වඩා ගැනීම පිළිබඳව දෙමාපියන්ට නිසි අධ්‍යාපනයක් ලබා දීමේ වැඩපිළිවෙලක් සම්පාදනය විය යුතුව තියෙනවා.’ යුනිසෙෆ් ආයතනයේ වෛද්‍ය හේමමාල් ජයවර්ධන පැවසීය.
ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳ ඉහත කී වාර්තාව එක්සත් ජාතීන් නිකුත් කර ඇත්තේ යුනිසෙෆ් ආයතනය විසින් රටවල් එකසිය අනූවක කරන ලද සමීක්ෂණයක දත්ත රැස් කරමින්.
හඬ පටයට සවන් දෙන්න.