දිස්ත්‍රික්ක මට්ටමින් හමුදා කඳවුරු
ශ්‍රී ලංකාව පුරා දිස්ත්‍රික් මට්ටමින් හමුදා කඳවුරු පිහිටුවීමේ සැලසුම් ක්‍රියාත්මක කෙරෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක පවසයි.
අලුත්ගම බේරුවල ප්‍රදේශවල සංචාරයක නිරත වූ හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක කියා සිටියේ කළුතර ප්‍රදේශයේ නායකත්වය කළ ඉල්ලීමක් නිසා කළුතර දිස්ත්‍රික්කයටත් හමුදා කඳවුරක් ගෙන ඒමට පියවර ගන්නා බවයි.
හමුදා කඳවුර පිහිටුවීමට අවශ්‍ය භූමිය වෙන් කර ගැනීමේ කටයුතු මේ වන විටත් සිදු කෙරෙමින් පවතින බවත් හමුදාපතිවරයා වැඩි දුරටත් සඳහන් කරයි.
ජාතික සැලැස්ම
ජාතික සැලැස්මට අනුව ප්‍රමුඛත්වය හිමි වන පරිදි අනෙකුත් දිස්ත්‍රික්ක වල ද හමුදා කඳවුරු පිහිටුවන බවයි හමුදාපතිවරයා කියා සිටියේ.
හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක ඉහත කී මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ අලුත්ගම සහ බේරුවල ගැටුම්වලින් විනාශ වූ ගොඩනැගිලි හමුදා භටයන් යොදවමින් යලි ඉදි කර ඇති ආකාරය පිළිබඳ මහජනතාව ප්‍රසාදය පළ කළ බවයි.