කුරුමිණියන් පලාපෙත්තන් සහිත ප්‍රනීත ආහාර

ඡායාරූප මූලාශ්‍රය, AP
කෘමීන් ආහාරයට ගැනීම පුරාතන යුගවල සිට ලොව පුරා ඇතැම් ගෝත්‍රික සමාජවලට පමණක් සීමා වී තිබූ නමුත් කුරුමිණියන් පලාපෙත්තන් සහිත ප්‍රනීත ආහාර බඳුන් ලන්ඩනයේ ඉහළ පෙළේ ආපන ශාලාවල විකිණෙන්නේ ඉහළ මිලකට.
දිනෙන් දින වැඩි වන ලෝක ජනගහනයට ප්‍රමාණවත් ලෙස ආහාර සැපයීම අසීරු කටයුත්තක් වී ඇති අතර විකල්ප ආහාර මිනිසාට හඳුන්වා දීම සඳහා විද්‍යාඥයෝ වෙහෙසෙති.
ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන සංඝටකය ලබා ගැනීමට කෘමීන් ආහාරයට ගැනීම සඳහා මිනිසා පෙළඹවීමේ ව්‍යාපෘති කෙරෙහි ඔවුන් ගේ වැඩි අවධානය යොමු වී තිබේ.
මේ සඳහා යුරෝපා හවුල මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට පියවර ගත්තේ මීට කලකට පෙර.
මේ පිළිබඳව කළ විමසුමක හඬ පටයට සවන් දෙන්න.


ඡායාරූප මූලාශ්‍රය, un fao

ඡායාරූප මූලාශ්‍රය, Getty
