සේකරගේ ගීතයේ මීවිත - පණ්ඩිත් අමරදේව

"මහගමසේකර - අමරදේව ඇසුර හරිම රසාත්මකයි. කවුරුත් දන්නේ අපේ ඇසුර ගී පොතයි මීවිතයි කියන පද දෙකෙන්": පණ්ඩිත් අමරදේවයන් මිහිරි අතීතාවර්ජනයක.
බන්ධුල නානායක්කාරවසම් ඉදිරිපත් කරන ඉර පානෙන් රැස් දෝතක් පස් වෙනි අංකයේ විමසුම යොමු වන්නේ මහගමසේකරයන් ගේය පද රචනයට යොමු වුනේ කෙලෙසින්ද යන්න දෙස.
"ජීවිතයේදී අප ලබන විවිධාකාර අත්දැකීම්වලට අපේ සිත භාණ්ඩාගාරයක් වෙයි. බාහිර වශයෙන් අප ලබන කිසියම් ආවේගයක් විසින් මෙහෙයවනු ලැබ මේ අත්දැකීම ආශ්‍රයෙන් කාව්‍යමය කල්පනා පහල වෙයි." ඒ සේකරයන් සිය සිතේ කවි සිතිවිලි පිළිසිඳ ගැනීම පිළිබඳව තැබූ සටහනක්.
"සමාධියකට සම වැදුනකු මෙන් කෙලෙස් මලින් මුක්තව පිරිසිදු වෙයි. නිර්මාණ ප්‍රීතියම භුක්ති විඳින ඔහුගේ සිතට සා පිපාසා පවා නොදැනේ."