සේකර මතකය - 'ප්‍රබුද්ධ'
පසුගිය සතියේ මහගමසේකරයන්ගේ රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත රසවින්දනයක යෙදුන බන්ධුල නානායක්කාරවසම්, සංදේශය අසන්නන් වෙත ඉදිරිපත් කරන සේකර මතක තෙවැනි අංකයයි, මේ.
රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත පාඨකයා හමුවට පැමිණ අට වසරකට පසුව එලි දැක්වුණු 'ප්‍රබුද්ධ' පිළිබඳවයි මේ සතියේ ඉර පානෙන් රැස් දෝතක් යොමුවන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, Bandula Nanayakkarawasam
"ප්‍රබුද්ධ සඳක් නම් ප්‍රබුද්ධ නම් සඳ දිලෙන්නේ රාජතිලක, ලයනල් සහ ප්‍රියන්ත නම් ඉරෙනි. ප්‍රබුද්ධ සිත් සේ කියවූ අපි ප්‍රබුද්ධ හඳුනා ගන්නට වෑයම් කරමු."